රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ සංවිධානාත්මක පිරිස් විසින් මෙරට බැංකු වල ස්ථාපනය කර ඇති, ATM යන්ත්‍රවල වෙනත් බාහිර උපකරණයක් සවිකර ඒ ඔස්සේ පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම පළමු සිදු කරයි.
අනතුරුව එම දත්ත උපයෝගි කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ලබා ගන්නා බවට මේ වනවිට පැමිණිලි කිහිපයක් ම ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ATM යන්ත්‍ර භාවිත කරන මෙරට ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරිමේදී විමසිලිමත් වන ලෙසයි.
ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක්ද අදාළ නිවේදනයේ සඳහන් ය.
- මුදල් ගනුදෙනුවලදී තමන් භාවිත කරන ATM යන්ත්‍රවල අනවශ්‍ය උපාංග සවිකර ඇද්ද යන්න ගනුදෙනු කිරීමට පෙර පරීක්ෂා කරන්න.
- ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන විට තමා අවට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.
- යම් හෙයකින් සැකකටයුතු යමක් හෝ පුද්ගලයකු වේ නම් ඒ පිළිබදව බැංකුවේ ආරක්ෂක අංශ හෝ පොලිසිය දැනුවත් කරන්න.
- සෑම ගනුදෙනුකරුවෙක්ම, සිය ATM කාඩ්පතට අදාළව බැංකුව මගින් ක්‍රියාත්මක කරන කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කර ගන්න
No comments:
Post a Comment