හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය තනතුරෙන් ඉවත් කිරීම මුල්කරගනිමින් දින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් ඊයේ තීරණය කළේය.
ඒ ,මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තීරණය ආපසු හරවමින් රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම හේතුවෙන්ය.
කෙසේ වෙතත් රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට හේතුවුයේ ඇය ලංකාව තුල එතෙක් මෙතෙක් සිදුවූ බැදුම්කරයටත් වඩා විශාල, බිලියන 16ක රේගු බදු වංචාවක සුල මුල සොයාගැනීමට කටයුතු කිරීම බව රේගු මාණ්ඩලික සංසදයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී හෙළිකළා.
"පසුගිය දිනවල ගම්මිරිස් ගොවියෝ පාරට බැස්සා. රුපියල් 1,800 තිබ්බ කිලෝව දැන් රුපියල් 600ට අඩුවෙලා. ගොවීන්ට තම තොග විකුණා ගැනීමට හැකියාවක් නැහැ. ඉන්දුනීසියානු සහ මැලේසියාවේ ගම්මිරිස් අතිරික්තය ප්‍රතිඅපනයනයට යනුවෙන් ගෙන එනවා. මෙවැනි ගම්මිරිස් කන්ටේනර් 143ක් රටේ එක්තරා ප්‍රධාන සමාගමක ගුදමේ තැම්පත් කර තිබුනා. එය ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2800.
ඉන්දියාවේ වෙළද ගිවිසුම අනුව තීරුබදු රහිතව ලංකාවේ ගම්මිරිස් අපනයන කරන්න පුළුවන්. ලංකාවේ ගොවියාගේ ගම්මිරිස් වලට කොකා පෙන්වා සම්පූර්ණ තීරුබදු සහනය අර ගෙන්වන ගම්මිරිස් වලට ලබා ගන්නවා. මේ පිළිබඳව රේගු නිලධාරීන් පරීක්ෂණයක් කරනවා. මෙන්න මේ දේශපාලකයා අධ්යක්ෂ ජනරාල්වරියට මෙම පරීක්ෂණයට සම්භන්ධ නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කරනවා. එතුමිය දෙපැත්තකට හිරවෙලා. රේගු සමිති මෙම බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ.
දැන් ලොකුම වංචාව තමයි බීඩි ඔතන කොළ. ලංකාවේ වැඩිම තීරුබදු පනවා තිබෙන්නේ මෙන්න මේ බීඩි ඔතන කොළ වලට. මේ වංචාව සිදු කරන්නේ ඔය කියන එකම පිරිස. ලංකාවේ තහනම් කරලා තියෙන ග්ලයිෆොසෙට් හොරෙන් ගෙන්වන්නේ මේ පිරිසම තමයි. මේවා පිලිබදව පරීක්ෂණ කරන නිලධාරීන් මෙයාලා කියන කියන විදිහට මාරු කරන්න අවශ්‍යයි. එහෙම කරේ නැත්නම් අධ්යක්ෂ ජනරාල් අයින් කරනවා. මේ ආණ්ඩුවේ පස්වෙනි රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා තමයි මේ ඉන්නේ."
කවුද මේ දේශපාලකයා? අමාත්‍ය රිෂාර්ඩ් බදුදීන්. දැනට ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙන බිස්නස්කාරයා කීවොත් නිවැරදි. නීතිය තමන්ගේ අවශ්‍යතාවයට මුසිලිම් ඡන්ද වලට මුවා වෙලා දේශපාලන බලපුළුවන්කාරකම් වලින් පදමට නමා ගන්නා දේශපාලනඥයා. අප විසින් හෙළිදරව් කරගත් ආකාරයට මෙම ගම්මිරිස් වංචාව සිදු කරන්නේ Hayleys සමාගම මාර්ගයෙන්. මෙරටට ගෙන්වන ලද සියලුම ගම්මිරිස් තොග Hayleys ගුදමේ තැම්පත් කර තිබුන බවට වාර්තා වුනා.
No comments:
Post a Comment