පඩිපෙල නගිමින් සිටි සිසුවියට අතවර කළැයි කුරුණෑගල විදුහල්පති අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

පඩිපෙල නගිමින් සිටි සිසුවියට අතවර කළැයි කුරුණෑගල විදුහල්පති අත්අඩංගුවට

පාසල තුළදී සිසුවියක ලිංගික අතවරයට ලක්කළැයි කියන කුරුණෑගල කුලියාපිටිය ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ඊයේ (25) දා කුලියාපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

කුලියාපිටිය නගරයට
නුදුරු ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එසේ අත්අඩංගුවට ගෙන ඇත. එම පාසලේම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක පඩි පෙළක් නැඟ එමින් සිටියදී අතවරයට ලක් කළ බවට ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ‍්‍රය නිරීක්ෂණය කිරීමෙන් ද සිද්ධිය සම්බන්ධව කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් ද අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad