මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයෝ කලබලයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයෝ කලබලයට

මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයෝ කලබලයට

මාකඳුරේ මධුෂ් නමැත්තා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙක් දැඩි නොසන්සුන් තාවට පත්ව ඇති බවද වාර්තාවේ.

කෙසේ හෝ මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කඩිනම් සිදු කළ යුතු බවටද විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවද අදළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට 'මාකඳුරේ මධුෂ්' නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගය.

මීට අමතරව මෙරට තුළ සිදු වූ ඝාතන කිහිපයකට ඔහුට චෝදනා එල්ල වූ අතර, විදේශ රටවල සිට මෙරටට හෙරොයින් තොග පිටින් ලංකාවට එවූ බවටද චෝදනා එල්ල වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ හෙළිදරව්වේදීද මාකදුරේ මධුෂ්ගේ නම ප්‍රකාශයට පත්විය.

(ada.lk)

No comments:

Post a Comment

Post Bottom Ad