මහින්දගෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම කෙනා ගැන විමල් කතා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

මහින්දගෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම කෙනා ගැන විමල් කතා කරයි

මහින්දගෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම කෙනා ගැන විමල් කතා කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය තව මාස නවයකින් පැවැත්වීමට නියමිත බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ නායකයෙක් නොවන බවත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ත්‍රිවිද හමුදාවම කළමනාකරණය කර ගනිමින් ත්‍රස්තවාදය තුරන්කළ නායකයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad