ඇඟළුම් සේවක තරුණියන් නාද්දී වහලයේ දිගාවී වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

ඇඟළුම් සේවක තරුණියන් නාද්දී වහලයේ දිගාවී වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ්


ජාඇළ ඒකල කර්මාන්ත පුරයේ සේවිකාවන් පිරිසක් සිය නවාතැන්පොළේ නාද්දී අසල නිවසක වහලය මත දිගාවී එය විඩියෝ ගත කළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය කියයි.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

ජාඇල කර්මාන්ත පුරයේ සේවය කරන සේවිකාවන් පිරිසක් නවාතැගෙන සිටි අඩි 60 ප්‍රදේශයේ නවාතැන්පොළක මෙම සිද්ධිය වී ඇතැයි වාරිතා වෙයි.

එක් නවාතැන්පොළක තරුණියන් විශාල පිරිසක් නවාතැන්ගෙන සිටින අතර ඔවුනට දිය නෑම සඳහා සකසා ඇති ස්ථාන තහඩුවලින් ආවරණය කර ඇතත් ඊට වහලක් නොමැති බව ද පොලිසිය කියයි. ඉකුත් දිනක මෙසේ පැමිණි තරුණියන් එහි සිට දියනා දී අසල නිවෙසක වහලයක කිසියම් පුද්ගලයකු කැමරාවක් ද ඇතැතිව
සිටිනු දැක කැ ගසා ඇත.

 එම කෑගැසීමේ සද්දය ඇසී අහළ පහළ පිරිස් එම ස්ථානයට රොක්වී ඇති අතර වහළය මත නැගසිටි තරුණයා අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අත විඩියෝ කැමරාවන්ද තිබි සොයාගෙන ඇත. පසුව සැකකරු ගස්බැඳ අනතුරුව නගරයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරින්ට බාරදිමට අසල්වාසීහු පියවරගත්හ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 -තිස්ස කොටින්කඩුව-

No comments:

Post a Comment

Post Bottom Ad