සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්

සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 2ක් උල්ලංගණය කිරීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ 2.4.6 සහ 2.4.7 යන වගන්ති උල්ලංගණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුව හමුවේ පිළිගෙන තිබේ.

එම චෝදනා වන්නේ ක්‍රිකට් දූෂණ පරීක්ෂන සඳහා සනත් ජයසූරිය මහතා විසින් සහයෝගය ලබා නොදීම, සාක්ෂි ඉදිරිපත් නොකිරීම, එම පරීක්ෂන සඳහා සහභාගි නොවීම සහ බාධා කිරීම සහ ආදාළ සාක්ෂි විනාශ කිරීමය.

No comments:

Post a Comment

Post Bottom Ad