වරාය ආරක්ෂාව තර කරන ලෙස සාගල උපදෙස් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 6, 2019

වරාය ආරක්ෂාව තර කරන ලෙස සාගල උපදෙස් දෙයි

වරාය ආරක්ෂාව තර කරන ලෙස සාගල උපදෙස් දෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍ය රත්නායක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05)  අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේදී පැවැත්විණි.

වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රටේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි වරාය ආශ්‍රිතව නව ආරක්ෂක සැලසුමක් වහාම සකස් කරන ලෙස ද එය ක්‍රියාවට නංවන ආකාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.  

එමෙන්ම වරාය අධිකාරියේ සියලු ගනුදෙනු නියමිත ටෙන්ඩර් පටිපාටි සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්වලට අනුකූලව සිදු විය යුතු බව කී රත්නායක මහතා ඒවා සියයට සියයක් පාරදෘශ්‍ය විය යුතු බව ද අවධාරණය කොට තිබේ.

නම් විකිණීම, අතයට ගනුදෙනු සහ රහසිගත සාකච්ඡා හරහා වරායේ කිසිදු ගනුදෙනුවක් සිදු නොවිය යුතු බව ප්‍රකාශ කළ රත්නායක මහතා මෙම පාරදෘශ්‍යභාවය සුරැකීම අමාත්‍යවරයා ලෙස සිය ප්‍රධානම රාජකාරිය බව ද ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad