ජාත්‍යන්තර පාසල් සිසුන්ට විදුහලේ නමින් උසස් පෙළ ඉල්ලන්න බෑ-පුද්ගලිකව අයදුම් කරන්නලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

ජාත්‍යන්තර පාසල් සිසුන්ට විදුහලේ නමින් උසස් පෙළ ඉල්ලන්න බෑ-පුද්ගලිකව අයදුම් කරන්නලු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයඳුම්පත පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.


වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් අයදුම් කළ අතර මෙවර කිසිදු හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති එම ක්‍රියාපිළිචෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීහු පවසති.

විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස්වල පෞද්ගලික ලිපිනය යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් ඔවුන්  දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද
වාර්තා වේ.

මේ පිළිබඳව  කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත  මහතා සඳහන් කළේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවයි.

(රංජන් කස්තුරි)

No comments:

Post a Comment

Post Bottom Ad