බොරැල්ල රථවාහන OIC අනතුරට ලක්කර පලා යෑමේ සිද්ධිය: රියදුරු රිමාන්ඩ් - 7කට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

බොරැල්ල රථවාහන OIC අනතුරට ලක්කර පලා යෑමේ සිද්ධිය: රියදුරු රිමාන්ඩ් - 7කට ඇප

බොරැල්ල රථවාහන OIC අනතුරට ලක්කර පලා යෑමේ සිද්ධිය: රියදුරු රිමාන්ඩ් - 7කට ඇප

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන් 07දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය කළ බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රසික බණ්ඩාර අලුත්ගමගේ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු සාමාන්‍ය වැසියන් ඉන් ඉවත්කොට අධිකරණ ශාලාව වසා අප්‍රසිද්ධියේ නඩු විභාගය පැවැත්වීමට ද මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad