ගෝඨාට එරෙහි ඇමෙරිකානු නඩුව ගැන ජී.එල් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

ගෝඨාට එරෙහි ඇමෙරිකානු නඩුව ගැන ජී.එල් කියයි

ගෝඨාට එරෙහි ඇමෙරිකානු නඩුව ගැන ජී.එල් කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පුරවැසිභාවය අත හරින්න හදන විට බලහත්කාරයෙන් තියාගන්නේ මොන රටද. ඔහු පුරවැසිභාවය අස්කර ගන්න තිරණය කරනවා නම් බලකරලා පුරවැසිභාවයේ තියාගන්නේ මොන රටද . කොයි විදියේ නඩුවක්ද, ඒකට හරයක් තියෙනවාද.මොන චේතනාවෙන්ද  නඩු පවරන්නේ කියලා බලන්න වෙනවා. නඩුවක් දාපු පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායක් ලෝකේ නැහැ. මේක පළිගැනිමක් සිතාසියක් නිකුත් කරද්දි මොන සිද්ධියක් සම්බන්ධයෙන්ද සිතාසියක් ඉදිරිපත් කරන්නේ කියලා හිතනවා. අද ඊයේ සිදුවුන දෙයක් නම් එහෙම සිතාසියක් නිකුත් කරන්න පුලුවන්. අවුරුදු 10ට පමණ පෙර වුණ දෙයක් සම්බන්ධයෙන් මේ විදියට වෙන්නේ ඇයි. අධිකරණය කූඨ අරමුණ ඉටු කරගන්න ඉඩ සලසන්නේ නැහැ. ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවසථාවට අනුව අධීකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ අධීකරණයයි.  අධිකරණ පද්ධතිය වැරදි අරමුණට යොදා ගනී නම් ඒ නඩුව පැවරීමේ ක්‍රියාවත් සාපරාධි ක්‍රියාවක්. මේ කරන පුද්ගලයින්ට විරුද්ධව යම් යම් නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා."

No comments:

Post a Comment

Post Bottom Ad