බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුම් 2400 ක දඩය ගෙවීමට මම සුදානම් - ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුම් 2400 ක දඩය ගෙවීමට මම සුදානම් - ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වෙයි



එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරට අධිකරණය විසින් ගෙවීමට නියම කළ දඩ මුදල ගෙවීමට ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වී තිබෙනවා.
ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන රන්ජන් බස්‌නායක මහතා, සිය මුහුණු පොතේ ‘‘බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ දඩය ගෙවීමට මම සුදානම්‘‘ යනුවෙන්  සටහනක් ද තබමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා දැනටමත් අදාල පාර්හවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.

එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරට අධිකරණයක් විසින් පවුම් 2400 ක දඩයක් නියම කළා.

කෙසේ වෙතත් තානාපති සේවයේ නිරතව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජතාන්ත්‍රික මුක්තිය ඇති අතර ඔහුට එරට අධිකරණයක් විසින් නඩු පැවරීම සහ දඬුවම් නියම කිරීම සිදුකළ නොහැකි බවටයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.‍



No comments:

Post a Comment

Post Bottom Ad