පාසලේ දී සිසුවියට හුස්ම ගන්න බැරි වෙලා,රෝහල් ගෙන යන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

පාසලේ දී සිසුවියට හුස්ම ගන්න බැරි වෙලා,රෝහල් ගෙන යන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ.

හුස්ම ගැනීමට නොහැකිව දැඩි ස්වසන ආබාධයකින් පෙළුණු පාසල් සිසුවියක රෝහල් ගත කිරීම පිණිස කිසිදු බලධරයකු, ගුරුවරයකු ඉදිරිපත් නොවීමෙන් එම සිසුවිය රෝහල කරා ගෙන යෑමට විනාඩි පහළොවක විස්සක පමණ කාලයක් ප‍්‍රමාද වී ඇති පුවතක් මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. 
එම හේතුවෙන් දරුවාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවත්, වෛද්‍යවරුන්ගේ කැපවීම මත සිසුවිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බවත් ඇයගේ දෙමාපියෝ පවසති.
කටුගස්තොට ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පාසලක දහතුන් හැවිරිදි සිසුවියක මෙලෙස ඊයේ (28) පාසල් කාලයේ දී රෝහල් ගත කළ බව දැනගන්නට තිබේ.  
සිසුවිය හුස්ම ගැනීමට නොහැකිව ඉතාමත් අපහසුවෙන් වේදනාවෙන් සිටියදී එම අවස්ථාවේ පාසල අසල රාජකාරිය නියුතුව ඇති පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව  ඇයගේ  භාරකරුවකු වශයෙන් ගුරුවරියක් ඉදිරිපත් වූ පසු එම සිසුවිය වහාම කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමට සුවසැරිය  ගිලන් රථයේ සේවක  මණ්ඩලය කටයුතු කර ඇත.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad