ඉල්ලුම් පත්‍ර 121 කින් නව පක්ෂ 6ක් ලියා පදිංචියට අවසර හිමිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

ඉල්ලුම් පත්‍ර 121 කින් නව පක්ෂ 6ක් ලියා පදිංචියට අවසර හිමිවෙයි



2020 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ.


මෙවර ලියාපදිංචිය සඳහා ජනවාරි මාසයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලුම්පත් කැඳවා තිබු අතර එහිදී ඉල්ලුම්පත් 154 ලැබී තිබු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.


ඉන් ඉල්ලුම් පත්‍ර 121 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර පක්ෂ 06ක් පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර තිබේ.


ඒ අනුව අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති බව සඳහන් වේ.


ඊට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල රාවය පක්ෂයේ නම අපේ ජනතා රාවය ලෙස සංශෝධනය කිරීමට යොජිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මීට පෙර දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad