බලපත්‍ර නොමැතිව තේක්ක දැව තොගයක් සමග සැකකරුවකු ඔක්කම්පිටියේ දී පොලිස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

බලපත්‍ර නොමැතිව තේක්ක දැව තොගයක් සමග සැකකරුවකු ඔක්කම්පිටියේ දී පොලිස් අත්අඩංගුවට





මොනරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදු කල හදිසි වැටලීමකදී බලපත්‍ර නොමැතිව තේක්ක දැව කදන් තිස් පහක් ලොරි රථයකින් ප්‍රවාහනය කල සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඔක්කම්පිටිය ගල්කොරිය මාර්ගය අසල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති එම ලොරි රථයේ තිබී තේක්ක දැව කදන් තිස් පහක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයකු වන අතර සැකකරු ලොරි රථය සහ දැව තොගය ඉදිරි විමර්ශන සදහා ඔක්කම්පිටිය පොලිසිය වෙත භාර දී තිබේ.


සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.






No comments:

Post a Comment

Post Bottom Ad