වැල්ලවත්තේදී බදියුදීන් මෝටර් රථයෙන් පැන ගිහින්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

වැල්ලවත්තේදී බදියුදීන් මෝටර් රථයෙන් පැන ගිහින්?


හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථ වල තිබී ස්වංක්‍රිය පිස්තෝල දෙකක් උණ්ඩ හතළිස් අටක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෝටර් රථ දෙක සමග එහි රියදුරා ද ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් රිෂාඩ් බදුයුදීන් මහතා මේ වනවිට අත්අඩංගුවට ගැනීමෙන් මිදී පලාගොස් ඇතැයිද විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවේ සිටින ඔහුගේ රියදුරන් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට ගන්නැයි ගුවන්විදුලියෙන් විකාශය අවස්ථාවේ ඔහු එම රථයෙන් බැස ගිය බවයි.

රිෂාඩ් බදුර්දීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad