ප්‍රසිද්ධ පුද්ගලයන් අන්‍යාගම්කරණය කරන කල්ලියක් ගැන අගරදගුරුතුමන් හෙළිදරව් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 12, 2021

ප්‍රසිද්ධ පුද්ගලයන් අන්‍යාගම්කරණය කරන කල්ලියක් ගැන අගරදගුරුතුමන් හෙළිදරව් කරයි

සමාජයේ ප්‍රසිද්ධ සහ පිළිගැනීමක් ඇති ව්‍යාපාරිකයන්, ක්‍රිඩකයින්, කලාකරුවන් සදාචාර විරෝධි ලෙස අන්‍යාගම්කරණය කරන ක්‍රිස්තියාන් පාස්ටර්වරුන් ලෙස පෙනී සිටින කල්ලි පිලබඳව විමර්ශනය කර ඔවුන්ගේ සදාචාර විරෝධි ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කරන ලෙස කොළඹ අදරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ඉල්ලා සිටි.

මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂ අනාවරණයක් සිදුකල කාදිනල් හිමිපාණෝ රජය විසින් මේ පාස්ටර් කල්ලි ගැන විශේෂ විමර්ශණයක් සිදු කර ඔවුන්ට ආගම ප්‍රචාරණය කිරීමේ ඇති සුදුසුකම් පිළිබඳව සෝයාබැලිය යුතු බවත් ඒසේ සිදු කරන විමර්ශණවලදි මෙම ඊනියා පාස්ටර්වරුන්ට මූල්‍ය පහසුකම් සලසන හාම්පුතුන් පිළිබඳ හෙලිදරව් වනු ඇති බවත් පවසයි.

“මේ පාස්ටර්වරුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව විශේෂ විමර්ශණයක් සිදු කොට ඔවුන්ව පාලනය කලේ නැත්නම් එය අනාගතයේදී මේ රටේ ආගමික සංහිදියාවට විශාල තර්ජනයක් වේවි.” අගරදගුරුතුමන් වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad