අද බිම් මට්ටමේ ජනතාව පොහොට්ටුව පිළිකුල් කරනවා.. ආන්ඩුව පෙරලන්න ජනතාව පෙලගැහෙමින් - පොහොට්ටු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

අද බිම් මට්ටමේ ජනතාව පොහොට්ටුව පිළිකුල් කරනවා.. ආන්ඩුව පෙරලන්න ජනතාව පෙලගැහෙමින් - පොහොට්ටු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි

අද වන විට ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නොසිටින බව තේරුම් ගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ජනතාව බිම් මට්ටමින් පොහොට්ටුව පිළිකුල් කරන තත්වයට පැමිණ ඇතැයිද ඔහු පැවසීය.

බොහෝ පටු විදිහට හිතන දේශපාලන පක්‍ෂයක් වුවහොත් ජනතාව පක්‍ෂයෙන් ඈත් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

අද සියලු ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ පක්ෂය පමණක් නොව ආණ්ඩුවද තල්ලු කර දැමීමට බව ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හබරාදුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad