පාස්කු ප‍්‍රහාරය අන්තවාදී ප‍්‍රහාරයක් නොවේ - ප්‍රහාරය සිදුකලේ දේශපාලන බලය තහවුරු කරගැනීමටයි - එයට අන්තවාදය යොදා ගත්තා - කාදිනල් හිමිපාණන් [VIDEO]] | Cardinal Malcolm Ranjith - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

පාස්කු ප‍්‍රහාරය අන්තවාදී ප‍්‍රහාරයක් නොවේ - ප්‍රහාරය සිදුකලේ දේශපාලන බලය තහවුරු කරගැනීමටයි - එයට අන්තවාදය යොදා ගත්තා - කාදිනල් හිමිපාණන් [VIDEO]] | Cardinal Malcolm Ranjith


අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදි කෙරුණු ස්මාරකයට පූෂ්පෝපහාර දැක්වීමක් අද සිදුවිය.

ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සඳහා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගොස් බොරැල්ල කනත්තේ භූමදානය කළ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් පළ කළ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්..

“එදා මේ අපේ සොහොයුරන්ට පහර දුන්නෙ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගන්නට ,වෙර දැරූ පිරිසක්.මේ සිදුවීම තුළ අපි දකින්නේ තමන්ගේ බලය තහවුරු කරන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සහයේ ප්‍රථිපලයක් හැටියටයි.අපි අපේ රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ආගමවත් ,භාෂාවවත් , ජාතියවත් ,තවත් කෙනෙකුට හිරිහැර කරන්නට පාවිච්චි කරන්නට එපා.ඒ වගේම කරුණාකරලා තමන්ගේ බලය ශක්තිය පෙන්නන්නට අනිත් මිනිස්සුන් මරණ මානසිකත්වයෙන් අපි මිදෙමු ”
newsfirst GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad