කොරෝනා මල සිරුර ආදාහනාගාරයෙන එලියට ඇද දමයි.. ප‍්‍රභූ මල සිරුර ආදාහනය කරයි.. ඉහල නියෝගයක් ඇවිත් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

කොරෝනා මල සිරුර ආදාහනාගාරයෙන එලියට ඇද දමයි.. ප‍්‍රභූ මල සිරුර ආදාහනය කරයි.. ඉහල නියෝගයක් ඇවිත් !

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූයෙකුගේ මළ සිරුරක් ඉහළින් ආ දැනුම්දීමක් මත ආපසු පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළසිරුරක් ආදාහනය කර ඇතැයි වාර්තා වෙයි. කොරෝනා ආසාදිතව මියගිය 93 හැවිරිදි කාන්තාවගේ සිරුර ආදාහනය කිරීමට රෝහල් ගිලන් රථයෙන් පැමිණ ආදාහනාගාරයේ තැන්පත් කර තිබියදී මෙම සිදුවීම සිදුව තිබේ.

මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල රථයකින් ගෙන ආ මළසිරුරක් ආදාහනය කිරීම සඳහා කොරෝනා මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන් කටයුතු කර තිබේ.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී ඇත්තේ ඔවුනට ඉහළින් පැමිණ තිබූ නියෝගයක් හේතුවෙනි.

සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මළසිරුර ගිලන් රථයේ ඒ තැන්පත් කර තිබීමෙන් ගිලන් රථය තවත් සේවයක් සඳහා යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගිය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad