විමල්ට මුල්‍ය විනයක් නෑ.. නීති විරෝධී නියෝග දුන්නා.. පොස්පේට්-මිනරල් නීතියට එකග නෑ..- අස්වූ ලේකම් හෙලි කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

විමල්ට මුල්‍ය විනයක් නෑ.. නීති විරෝධී නියෝග දුන්නා.. පොස්පේට්-මිනරල් නීතියට එකග නෑ..- අස්වූ ලේකම් හෙලි කරයි..

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මිනරල් සෑන්ඩ් ව්‍යාපෘතිය, පොස්පේට් නිධිය භාවිත කරමින් පොහොර නිපදවීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිරීති අනුව සිදු කළ නොහැකි බව අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එහිදී අමාත්‍ය විමල් වීරවංශ හා ලේකම්වරයා අතර මත ගැටුමක්ද ඇතිවී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකගේ නම යෝජනා වී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට නිහාල් කැප්පෙටිපොළ පත් කර ඇත.

– aruna/divaina

No comments:

Post a Comment

Post Bottom Ad