අධිශීතකරණ පහසුකම් ඇති කන්ටේනරය තිබිය දී නුවර මෝචරි කොරිඩෝවේ කොවිඩ් මිනී 16ක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

අධිශීතකරණ පහසුකම් ඇති කන්ටේනරය තිබිය දී නුවර මෝචරි කොරිඩෝවේ කොවිඩ් මිනී 16ක් !

මහනුවර රෝහලට ඉකුත් 13 දා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  ගොඩගැසෙන කොවිඩ් මෘතදේහ තැන්පත් කිරීම සඳහා ශීතාගාර පහසුකම් සහිත කන්ටේනරයක් ලබා දී තිබුණත් මේ වනවිට මෝචරියේ පසෙක කොවිඩ් ආසාදිත මළ සිරුරු 16ක් ගොඩගසා ඇතැයි වාර්තා වේ.

මෙම මළසිරුරු 16 ගොඩගැසී ඇත්තේ ගෙන්වා ඇති කන්ටේනරය තුළ මළ සිරුරු 60ක් පමණ තැන්පත් කළ හැකිව තිබිය දීය.

මෝචරියේ  මෘත දේහ බහා තැබිය හැකි  අධි ශීතකරණ පහසුකම් සහිත ලාච්චු 36ම කොවිඩ් ආසාදිත පුද්ගල දේහවලින්  පිරී ගොස් ඇති බව වාර්තා වේ.

මළ සිරුරු තැන්පත් කිරීමට ගෙනා කන්ටේනරය   මේ වනවිට තබා ඇත්තේ 49 වාට්ටුව ආසන්නයේ නිසා මෝචරියේ සිට මීටර 750ක් දුරින් වූ කන්ටේනරය වෙත සිරුරු ගෙන යෑමට නොහැකි වී ඇතැයි  රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් කාර්ය මණ්ඩල හිඟවීම  නිසා මේ තත්වය ඇති වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

-lankasara


No comments:

Post a Comment

Post Bottom Ad