මිනිස්සුන්ගෙ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි - විදුර වික්‍රමනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 13, 2021

මිනිස්සුන්ගෙ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි - විදුර වික්‍රමනායක

රජයක් ලෙස ජනතාවගේ මරණ බිය නැති කළ නොහැකි බවත්, මිනිසුන්ගේ ඉරණම පිලිබඳ තීරීණය කිරීමට උදව් කළ නොහැකි රජයක් වේ නම් ඒ රජය ඉල්ලා අස්විය යුතු බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ගාල්ලේ කළ විශේෂ පුරාවිද්‍යා නිරීක්ෂණ චාරිකාවක් අතරතුරය.

“මේ වසංගත අවස්ථාව ඉතාම අවදානම් අවස්ථාවක්. ඒ අවදානම් අවස්ථාවේදී අපි එකිනෙකාට ඇඟිල්ල දික්කර දොස් පවරනවාට වඩා සියලු දෙනාම එකට එකතු වි මේ වසංගතයෙන් රට මුදා ගැනීමට වැඩ කිරීම වැදගත් වන්නේ. “

“නමුත් දැන් මිනිස්සු ඉන්නේ මරණ භයින්. ඇයි අපි එවැනි මිනිසුන්ට මරණ භයට පත් කරන්නේ. එහෙම කරන්න හොඳ නෑ. මේ රජය තුළ ඒ වගකීම ගන්න බැරි ඒ වගකීම දරන්න බැරි අය ඉන්නවනම් ඒ අය ඉල්ලා අස්විය යුතුයි.“

මේ වසංගතය සහමුලින්ම නැති කරන්න ඕන .ලෝකයම එකම වසංගතයක ගිළුණු අවස්ථාවක ඒ සඳහා සූදානම් වෙච්ච වැඩපිලිවෙළක් අපිට තියෙන්න ඕන. ඒ වගේම නිසි ආකාර කළමණාකරණයක් තියෙන්නත් ඕන.“

“රෝහල්වලින් අපිට ලැබෙන ආරංචි නරකයි. කොවිඩ් රෝගින් වැඩිවෙලා. රෝහල් පිරිලා මේ වට උදව්කරන්න වැඩපිලිවෙළක් තියෙන්න ඕන. ඒ කාර්ය මණ්ඩල බලා ගන්න අගය කරන්න රැක ගන්න නිසි වැඩපිලිවෙළකුත් ඇති කරන්න ඕන. ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි සතු වගකීමත් අපි ඉටු කළ යුතු යැයි“ යැයි ද ඇමතිවරයා පැවසීය.

මේ සාකච්ඡාවෙන් පසු අමාත්‍යවරයා ගාලු කොටුවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය.

මේ අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග රාජ්‍ය අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ , දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ලසන්ති අලහකෝන්, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක යන අය එක් වී සිටියහ.

-ලලිත් චාමින්ද


No comments:

Post a Comment

Post Bottom Ad