ලබන වසර තීරණාත්මකයි! පොහොට්ටුව කණපිට හරවන්න බැසිල් සූදානම්! පොහොට්ටු – එජාප සන්ධානයක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 12, 2022

ලබන වසර තීරණාත්මකයි! පොහොට්ටුව කණපිට හරවන්න බැසිල් සූදානම්! පොහොට්ටු – එජාප සන්ධානයක්?

එළැඹෙන සතියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වීමට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

මෙහිදී ඉදිරි මැතිවරණට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම මැතිවරණය සඳහා තනිව තරග කරනවාද නැතිනම් එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරග කරනවාද යන්න පිළිබඳව ඉක්මන් තීරණයකට එළැඹෙනු ඇති බවටද එම පක්ෂ ආරංචි මාර්ග හෙළිදරව් කළා.

එමෙන්ම මෙම තීරණ ඇතුළු පොදුජන පෙරමුණු පක්ෂයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ එළැඹෙන ජනවාරියේ පක්ෂ සමුළුවක් පවත්වා රටට දැනුම් දීමටද පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීමේ වැඩි වැඩ කොටසක් පොදුජන තරුණ පෙරමුණට ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad