ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 8, 2022

ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයී. සිනමාව, ප්‍රසංග වේදිකාව ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ සිය නම රැඳවූ ඔහු සැමදා රසිකයින්ගේ මතකයේ රැඳි ගීත රැසක් දායාද කල අයෙක්. 
පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගීත ඒ අතරට අයත්. එමෙන්ම ජනප්‍රිය සිනමා ගීත රැසක් ද ඔහුගේ හඬින් ප්‍රතිනිර්මාණය වුණා.

නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන ඇතුළු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.


No comments:

Post a Comment

Post Bottom Ad