‘එට්කා’ ගිවිසුම මතකද? මතකද එදා පොහොට්ටුවෙ අය යකා නැටුවා ඉන්දියාවට රට පාවා දෙනවා කියලා! ඉන්දියාවට රට විකුණනවා කියලා! ඉන්දියානුවන් මෙහේ ඇවිත් සැලූන් දාගනී කියලා! අන්න ඒ එට්කා ගිවිසුම ගහන එක ගැන ඉන්දියාවත් එක්ක ආපහු කතා කරන්න තීන්දු කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 10, 2022

‘එට්කා’ ගිවිසුම මතකද? මතකද එදා පොහොට්ටුවෙ අය යකා නැටුවා ඉන්දියාවට රට පාවා දෙනවා කියලා! ඉන්දියාවට රට විකුණනවා කියලා! ඉන්දියානුවන් මෙහේ ඇවිත් සැලූන් දාගනී කියලා! අන්න ඒ එට්කා ගිවිසුම ගහන එක ගැන ඉන්දියාවත් එක්ක ආපහු කතා කරන්න තීන්දු කරලා!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අගදී දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව “ද හින්දු” පුවත්පත වාර්තාකරයි. 

ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත වාර්තාකර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2016 සිට 2019 දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බවය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින්
මෙම සාකච්ඡා පැවැත්වූ බව කේ. ජේ. වීරසිංහ මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ. 

එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයක කාලයකට ආසන්න බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවද ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad