මැතිවරණය තියෙනවා.. රැට්ටලා, බැට්ටලා, රූපවාහියට පැන්න චණ්ඩින් තරග කර බලය ගනු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 25, 2022

මැතිවරණය තියෙනවා.. රැට්ටලා, බැට්ටලා, රූපවාහියට පැන්න චණ්ඩින් තරග කර බලය ගනු..

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොයවා පැවතිය යුතුම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. නමුත් මැතිවරණය පවත්වන්න යම් යම් ගැටලු ඇති නමුත් එය පැවැත්විය හැකි පළමු මොහොතේ පැවැත්වීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියි.

එසේ පවත්වන මැතිවරණයට අරගලකරුවන් සියල්ලන්ද ඉදිරිපත් වී තම ශක්තිය පෙන්විය යුතු බවත් රැට්ටලා, බැට්ටලා මෙන්ම රූපවාහිනියට පැන දේශණ දුන් අයද පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී තමන්ට ජන සමාජය තුළ ඇති ශක්තිය පිළිගැනීම පෙන්නුම් කල යුතු බවත් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ ද මැතිවරණයට ඉදිරිපත් කර තම ශක්තිය යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිස පිණිස රටේ පාලනයට මැදිහත් වීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad