ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 5, 2022

ඇමති හිතන්නේ අමාත්‍යංශය පවුලේ බූදලයක් කියලා - CTB සභාපතිගෙන් ඇමති බන්දුලට දැඩි ප‍්‍රහාරයක්!

තමන්ට මෙතෙක් ධුරයෙන් ඉවත් කරන්න ඉවත් වන්නැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමක් කර නැතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි. 
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඇතැම් ඇමැතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශ තම පවුලෙන් හමුවූ බූදලයක් ලෙස බවයි.
එම සටහන් සම්පූර්ණ මෙසේය.

දැන් වෙලාව රෑ 11.48 අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවුර්ති වලටත් කියලතියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්, මද්යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට. මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක්දිල සංවාදයකට භාජනය කරලා. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්යන්ශේ පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියාන දේ වල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට. ඇමති කෙනෙකුට අමාත්යන්ශේ තියන අයිතියම තමයි පාරේ ඉන්න හිගාන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad