EXCLUSIVE : බැසිල් කරපු රහස් සමීක්ෂණයක ප්‍රතිපල එයි! එක සජබෙ! දෙක ජවිපෙ! පොහොට්ටුව තුනට වැටිලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 3, 2022

EXCLUSIVE : බැසිල් කරපු රහස් සමීක්ෂණයක ප්‍රතිපල එයි! එක සජබෙ! දෙක ජවිපෙ! පොහොට්ටුව තුනට වැටිලා!

ඉදිරි මැතිවරණයකදී ජනතාව කුමන ආකාරයකින් ඡන්දය භාවිතා කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ රහසිගත ජනමත විමසුමක ප්‍රතිපල මේ වනවිට ඒ මහතා වෙත ලැබී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. 
එම ප්‍රතිපලවලට අනුව සමගි ජන බලවේගය 51%ක ඡන්ද ප්‍රතිශතයත් ලබා ගනු ඇති බවත්, පොදුජන පෙරමුණ තුන්වන ස්ථානයට පත්වනු ඇති බවත් අනාවරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ දෙවන ස්ථානය දිනා විපක්ෂය බවට පත්වනු ඇති බවද මෙම ප්‍රතිපලවලින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රතිපල සහිත ලේඛනය සිය පක්ෂ කාර්යාලයේ ඇති ලාච්චුවක බහා අගුලු දමා ඇති බව දැනගන්නට ඇත.

මෙම ප්‍රතිපල ලැබීමත් සමග පසුගිය දිනෙක පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත ස්ථාවරයක පිහිටා බැසිල් රාජපක්ෂ මහතා අදහස් පළ කොට නොමැති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad