අරගලය කොලඹින් ගමට යයි! අද කුරුණෑගල! කොළඹ වගේම කුරුණෑගල පොලිසියත් මැද්දට පනී! ඒත් අරගලය නවත්වන්න බැරිවෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 4, 2022

අරගලය කොලඹින් ගමට යයි! අද කුරුණෑගල! කොළඹ වගේම කුරුණෑගල පොලිසියත් මැද්දට පනී! ඒත් අරගලය නවත්වන්න බැරිවෙයි! (VIDEO)

 
“මේක නෙමේ ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු” සමාජවාදී තරුණ සංගමය අද (04) සවස කුරුණෑගල නගරයේ දී විරෝධතාවක් සංවිධාන කර තිබුණි.  මෙම විරෝධතාවය සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාකරුවන් කුරුණෑගල ඔර්ලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවයේ නියැලී පසුව කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ විරෝධතා පා ගමනක්   ආරම්භ කළහ.

කුරුණෑගල මූලස්ථාන පොලීසිය ඉදිරිපිට දී පොලිස් නිලධාරින් විසින් විරෝධතා පෙළපාලිය ට බාධා කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණි. 

කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබූ අතර පිරිස පොලිස් මාර්ග බාධක බිඳගෙන කුරුණෑගල රජපීල්ල මාර්ගයට පිවිස, එහිදී විරෝධතා රැලියක් පවත්වා විසිර ගියහ.

No comments:

Post a Comment

Post Bottom Ad