මෙක්සිකෝවේ 8.0 භූමි කම්පනයක් - රටවල් රැසක් සුනාමි අවදානමේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

මෙක්සිකෝවේ 8.0 භූමි කම්පනයක් - රටවල් රැසක් සුනාමි අවදානමේ

උතුරු ඇමරිකාව- දකුණු ඇමරිකාව අතර කලාපයේ පිහිටි මෙක්සිකෝවේ දකුණු වෙරළ ආසන්නයේ ගෝතමාලා බෝඩරය අසළ රික්චර් ඒකක 8.0 ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. මුහුද යට කිලෝමීටර 33 ගැඹුරින් සිදුවූ මෙම කම්පන තත්වය නිසා විශාල දෙදරුම් සිදුවූ බව දැනුණ බව රට වැසියන් වාර්තා කර තිබේ.

එය සිදුවන විට එරට වේලාව බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියවූ අතර ජනතාව නින්දේ පසුවිය. පැය 3 කින් පමණ සුනාමි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවට මේ අනුව අනතුරු හඟවා තිබේ.මෙක්සිකෝව, ගෝතමාලාව, පැනමා, එල් සැල්වදෝරය, කොස්ටාරිකා, නිකරගුවා, හොන්ඩුරාස්, ඉක්වදෝරය යන රටවල් වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙයි.

කම්පන තත්වය නිසා කලබලයට පත් ජනතාව වීදි වෙත බැස අන්දමන්දව සිටින බවට සීඑන්එන් වාර්තා සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad