චන්ද‍්‍රිකාගේ යෝජනාව ශ‍්‍රීලනිපයෙන් විසිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

චන්ද‍්‍රිකාගේ යෝජනාව ශ‍්‍රීලනිපයෙන් විසිවෙයි

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ.

ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව වෙතය. එහෙත් සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් ලන්සා සහ අරුන්දික ප්‍රනාන්දු වැනි ඇමැතිවරුන්ගේ අදහස වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වී තරග කළ යුතු බවයි.

එලෙස විවිධ අදහස් පළවීම නිසා හිටපු ජනාධිපතිනියගේ යෝජනාව අනුමත වී නැති බවත් ඒ පිළිබඳ පසුව අවධානය යොමුකොට තීරණයක් ගැනීමට නියමිත බවත් ශ්‍රී ලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කෙළේය.

No comments:

Post a Comment

Post Bottom Ad