‘කැමති තීරණයක් ගන්න’ – ජනපති අවසන් තීන්දුව දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

‘කැමති තීරණයක් ගන්න’ – ජනපති අවසන් තීන්දුව දෙයි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුව නියෝජනය කරන මැති – ඇමැතිවරුන් කිහිපදෙනකු හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව ජනාධිපතිවරයාට සෘජුවම පවසා තිබේ. අරුන්දික ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමජයන්ත, අනුර පියදර්ශන යාපා, නිමල් ලන්සා, සුසන්ත පුංචිනිලමේ යන මැති ඇමැතිවරු පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කෙළේ ඉහත කී මැති ඇමැතිවරුන්ට තමන්ට කැමැති තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බවයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 11 දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින අතර, එම පිරිස අවස්ථා කීපයකදී තම තීරණය ක්‍රියාත්මක කරන බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad