මැතිවරණයකදි මෛත්‍රිපාල සිරිසේන නෙලුම් පොහොට්ටුවෙන් ඡන්දෙට!…මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

මැතිවරණයකදි මෛත්‍රිපාල සිරිසේන නෙලුම් පොහොට්ටුවෙන් ඡන්දෙට!…මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නෑ

ඉදිරි මැතිවරණයකදි ජනපති මෛත්‍රිපාල සිරිසේන නෙලුම් පොහොට්ටුවෙන් තරග වැදීමට ඉඩ තිබෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ(06)රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගේ බැලිමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සදහන් කළේ තමන් නෙලුම් පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවයි.

“අපි සන්ධානයක් හදන්න ඕනෑ. සන්ධානයට ලකුණක් හදා ගත්තා. එදාට නෙලුම් පොහොට්ටුවට ජනාධිපතිතුමාත් එන්න ඉඩ තියෙනවා. මොකද පසුගියදා උඩ තට්ටුවටම ගිහින් පොහොට්ටුවත් බැලුවණේ. ඉතින් ඔහුත් අපේ පොහොට්ටුවටම එයි.” “සන්ධානයක් අවශ්‍ය වන්නේ මැතිවරණයට විතරයි. දැනට අපි නීති විරෝධීවයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නෙත්. හැබැයි මට විශ්වාසයක් නැහැ මැතිවරණයක් තියයි කියලා. ඒ කෙසේ වෙතත් මේ අවුරුද්දේ තියන එක කොහොමත් වෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුව දන්නවා මැතිවරණයක් ආවොත් පරදිනවා කියලා.”

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසිමේදි……

සරත් ෆොන්සේකලා ගැන අහන්න කතා කරන්න එපා. කවුද එයා. වැඩක් නැහැ කතා කරලා. වෙන දෙයක් ගැන කතා කරමු. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගැන කතා කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad