සංගාගේ ජැමෙයිකා පිල තරගාවලියෙන් ඉවතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

සංගාගේ ජැමෙයිකා පිල තරගාවලියෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් තරගයට සුදුස්සන් තෝරා ගැනීමේ තරගයෙන් ගයානා ඇමර්සන් පිල හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා ටලාවාස් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

ට්‍රිනිඩෑඩ් හිදී පැවැති තරගයේ පළමු පන්දුවට පහරදුන් ජැමෙයිකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ගයානා ක්‍රීඩකයෝ පන්දු 13ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමිකර ගනිමිනි. තරගයේ වීරයා වෙමින් ගයානා පිල ජයග්‍රහණය කරා ගෙන ගිය ලුක් රොන්චි වේගවත් ලකුණු 70ක් රැස්කළේ පන්දු 33ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ හා හයේ පහර 5 බැගින් ඇතුළත් විය. චැඩ්වික් වෝල්ටන් පන්දු 23කින් ලකුණු 39ක් හා අසාඩ් ෆුදාඩින් නොදැවී ලකුණු 29ක් ඉනිමට එක් කළහ. 


පන්දු යැවීමේදී මහමුදුල්ලාහ් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 57ක් රැස්කළේ හතරේ පහර 7ක් සමගින් පන්දු 38කිනි. පන්දුවෙන් දස්කම් දැක්වූ රිෂාඩ් ඛාන් කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය. ගයානා ඇමසන් පිල හා ට්‍රිනිබැගෝ නයිට් රයිඩර්ස් අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad