ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහය දුන්නේයැයි සැක පිට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අද (04) කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් වැඩබලන මහෙස්ත්‍රාත් ආර්.ඊ.සබේසන් මහතා නියෝග කරනු ලැබීය.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා පසුගිය ජුලි 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අද දන කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහෙස්ත්‍රාත් නොමැති වීමෙන් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෙසේ ලබන 11 වනදා නඩුව කැඳවීමට නියෝග කරනු ලැබීය. පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad