ආණ්ඩුවේ පක්කිලි ගිලගත් City FM හෙළිදරව්ව – Part 2 - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ආණ්ඩුවේ පක්කිලි ගිලගත් City FM හෙළිදරව්ව – Part 2

අපට වාර්තා වන අන්දමට සභාපති සුදර්ශන ගුණවර්ධනගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක City FM නාලිකාවේ නිවේදන කටයුතු සිදු කරන චමීර දෙද්දූව, හෂිත අබේවර්ධන, මනෝරම වීරසිංහ ඇතුළු කණ්ඩායම (පුද්ගල නාමයන් 100% නිවැරදි දැයි සහතික නැත) වෙත ලබාදී තිබෙන “කැෆේ කයිවාරු ” වැඩසටහනේ කාලය (Air Time) දීර්ඝ කිරීමේ සාකච්චාවක් මේ වන විට සිදු කර ඇත.

කැෆේ කයිවාරු වැඩසටහනට මෙතෙක් ලබාදී තිබුනේ සවස 6.30 සිට සවස 7.30 දක්වා පැයක කාලයකි. Prime Time බෙල්ට් ලෙස සැලකෙන සවස 6 ත් රාත්‍රී 9ත් අතර කාලය මෙසේ කල්ලතෝනි මතවාදයන් රට පුරා ප්‍රචලිත කිරීමේ වෑයමක් ලෙස මෙම කැෆේ කයිවාරු වැඩසටහන රාත්‍රී 6.30 සිට 8.30 දක්වා දීර්ඝ කිරීමට සභාපතිවරයා නියෝග කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මෙම වැඩසටහ
ට හසුව ඉවත්වීමට නියමිත වැඩසටහන වන්නේ ගුවන් විදුලියේ ජීවනාලියක් බඳු “ආරාධනා” වැඩසටහනයි. මෙම වැඩසටහන දීර්ඝ කිරීමේ සාකච්චාවක් සිදුකර ඇති අතර, සේවයේ නියුතු ප්‍රවීනයන් කිහිපදෙනෙක් මෙයට විරුද්ධ වීම නිසා සභාපතිවරයා පසුබැස අත. කෙසේ වෙතත් සභාපතිවරයාගේ ඕනෑ එපාකම් වලට කඩේ යන City FM, මෙම වැඩසටහන දීර්ඝ කිරීමට කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග පවසා සිටී.


උපුටා ගැනීම Leaks LK

No comments:

Post a Comment

Post Bottom Ad