වැලිකඩ රැදවියන් ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

වැලිකඩ රැදවියන් ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි (PHOTOS)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල්ගේ මොරටුව පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව ඇති බව කැෆේ සංවිධානය පවසනවා. අදාළ වෙඩි තැබීම ඊයේ රාත්‍රී 11 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන අතර ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නන්දිමාල් නැමැත්තා නිවසේ නිදා සිටි බවද සඳහන්.කෙසේ වෙතත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ අපරාධය වසන් කිරීම සඳහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad