මැගසින් බන්ධනාගාරයට රටකජු සමග හෙරොයින් (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

මැගසින් බන්ධනාගාරයට රටකජු සමග හෙරොයින් (PHOTOS)

හෙරොයින් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතකර සිටින බොරැල්ල ප්‍රදේශයෙහි සැකකරුවෙකු බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට පිටතින් පැමිණි එම ප්‍රදේශයෙහිම අයෙක් රැගෙනවිත් තිබූ රටකජු පාර්සලයක තිබී හෙරොයින් පැකට් 18ක් සොයාගෙන තිබෙනවා.

ඒ බන්ධනාගාර බුද්ධි අංශයේ සෝදිසි කිරීමේදීයි. මෙලෙස හොරොයින් රැගෙන ආ එම පුද්ගලයා බන්ධනාගාර බුද්ධි අංශය විසින් බොරැල්ල පොලීසියට භාරදී ඇති අතර එහි දී බොරැල්ල පොලීසිය විසින් උසාවියට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා. බන්ධනාගාරය තුළට මෙය කුඩු රැගෙන ඒමට සූක්ෂම ලෙස යොදා ගෙන ඇති නවතම ක්‍රමයක් යැයි බන්ධනාගාර බුද්ධි අංශය පවසනවා.




No comments:

Post a Comment

Post Bottom Ad