කරවටක් වතුරට බැස – ගංවතුරෙන් ගොවි බිම් බේරන – ලංකාවේ පළාත් සභා මන්ත්‍රිනිය මෙන්න (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

කරවටක් වතුරට බැස – ගංවතුරෙන් ගොවි බිම් බේරන – ලංකාවේ පළාත් සභා මන්ත්‍රිනිය මෙන්න (PHOTOS)

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කරන නිරෝෂා අතුකෝරාල මහත්මියගේ ජායාරූප කිහිපයක් මේ වනවිට සමාජජාල තුල වේගයෙන් හුවමාරුවෙමින් තිබේ.

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු මහ වර්ෂාව නිසා ඇයගේ සහ අවට ගොවි ජනතාවගේ වගාවන් ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිවී තිබෙන අතර එම අවධානමෙන් ගොවිබිම් බේරාගැනීම සඳහා අසල්වාසී ගොවිමහතුන් සමඟ එක්ව අසලින් ගලා යන ඇල මාර්ගය ශුද්ධ පවිත්‍ර කරන ආකාරය එම ජායාරූප වල දැක්වේ.

පසුගිය ආපදා සමයේදීද විපතට පත් ජනතාවට අවශ්‍ය සහනාධාර සැපයීමට ඇය දැරූ උත්සාහය ප්‍රසංශණීය වේ. වස විසෙන් තොර සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන මෙම වගාවන් ආරක්ෂා කිරීම සඳහා අනෙකුත් ගොවි මහතුන් සමඟ කරට කර සිටිමින් ඇය කරන සටන මෙරට දේශපාලකයින්ට ආදර්ශයකි.

No comments:

Post a Comment

Post Bottom Ad