ආණ්ඩුකාර ආසාද් සාලි පන්නන්න විශ්වාස භංගයක් අද පළාත් සභාවට.. බරපතල චෝදනා 07ක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

ආණ්ඩුකාර ආසාද් සාලි පන්නන්න විශ්වාස භංගයක් අද පළාත් සභාවට.. බරපතල චෝදනා 07ක්..

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනා සදහා මන්ත්‍රීවරුන් විසින් අත්මන් තැබීමෙන් පසු සභාවට ඉදිරිපත් කරන්නේ යයි බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියයි.

ආණ්ඩුකාර ආසාද් සාලිට විරුද්දව චෝදනා හතක් එල්ල කරන බවත් ඒ අතර මූල්‍ය චෝදනාද ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී. මෙවන් චෝදනා එල්ල වූවෙකු ආණ්ඩුකාර ලෙස පත්කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් වී ඇතැයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad