පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න මැතිවරණ කොමසාරිස්ට බල කරන්නැයි - සත්‍ය ගවේෂකයන්ගෙන් උසාවියට පෙත්සමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 18, 2019

පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න මැතිවරණ කොමසාරිස්ට බල කරන්නැයි - සත්‍ය ගවේෂකයන්ගෙන් උසාවියට පෙත්සමක්

Loading...

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්ට බල කරමින් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේශකයෝ නමැති සංවිධානය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කොමිසමේ සාමාජිකයන් සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පළාත් සභාවක බල කාලසීමාව වසර 05 ක් බවත් පළාත් සභා මැතිවරණ නීතිරීතිවලට අනුව එම කාලසීමාව පසු වී සති 04 ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගත යුතු බවත් පෙත්සම්කරු කියා සිටී.
පළාත් සභා කිහිපයක කාලසීමාව අවසන් වී මේ වනවිට බොහෝ කලක් ගත වී ඇති නමුත් මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර නොගැනීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්ද අයිතිය අහිමි කිරීමක් බව ද පෙත්සම්කරු කියා සිටී. නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා පෙත්සම ගොනුකර තිබිණි.
සරත් ධර්මසේන
දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad