"ප්‍රහාරයක් ගැන පොලිස්පතිට කලින්ම කිව්වා - ඡායාරූපත් දුන්නා" - අසාද් සාලි සියල්ල හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

"ප්‍රහාරයක් ගැන පොලිස්පතිට කලින්ම කිව්වා - ඡායාරූපත් දුන්නා" - අසාද් සාලි සියල්ල හෙළි කරයි

යම් පිරිසක් රට තුළ යම් කිසි ප්‍රහාරයක් සඳහා සැලසුම් කරන බවට තමන් මීට මාස තුනකට පෙරදීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කර තිබුණු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව පවා මීට පෙර දැනුවත් කර තිබුණු බව පැවසූ ඒ මහතා මීට මාස තුනකට පෙර තමන් සැකකරුවන්ගේ ඡායාරූප පවා පොලිසියට ලබාදුන් බව සඳහන් කළේය.

එසේම මීට සතියකට පෙර යම් ප්‍රහාරයක් පිළිබඳ ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් දැනුම් දීමක් ලැබුණු අවස්ථාවේදී ඒ මොහොතේම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අමතා තමන් මීට පෙරම එකී අට දෙනා සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බව සිහිපත් කළ බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

එසේ දැනුවත් කර තිබියදීත් ආරක්ෂක අංශ මේ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවටත් ආණ්ඩුකාරවරයා චෝදනා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad