එක් ප්‍රහාරකයෙක් මීට පෙර වනාතවිල්ලුවේදී ඇල්ලූ අයෙක් - දේශපාලන බලපෑමෙන් ඔහුව නිදහස් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

එක් ප්‍රහාරකයෙක් මීට පෙර වනාතවිල්ලුවේදී ඇල්ලූ අයෙක් - දේශපාලන බලපෑමෙන් ඔහුව නිදහස් කරලා

එක් ප්‍රහාරකයෙක් මීට පෙර වනාතවිල්ලුවේදී ඇල්ලූ අයෙක් - දේශපාලන බලපෑමෙන් ඔහුව නිදහස් කරලා

පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර අතරින් එක් බෝම්බ ප්‍රහාරයක් සිදු කළ අයෙකු මීට පෙර වනාතවිල්ලුව ප්‍රදේශයේ කළ වැටළීමේදී අත් අඩංගුවට ගත් අයෙකු බව තහවුරු වී ඇතැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම වනාතවිල්ලුව ප්‍රදේශයේ කළ වැටළීමේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයකු හෝ දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා ඉහළම දේශපාලන අධිකාරියෙන් බලපෑමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ අමතා ඔවුන්ව නිදහස් කරගෙන ඇති බවත් එසේ නිදහස් වූ අයෙක් විසින් මෙම ප්‍රහාර අතරින් එකක් සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad