ජනාධිපතිවරණයට මං සූදානම්.. කියමින් කතානායක එජාපයට කොන්දේසි දමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

ජනාධිපතිවරණයට මං සූදානම්.. කියමින් කතානායක එජාපයට කොන්දේසි දමයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමනට අවස්ථාව ලද හොත් ඒ සඳහා ඉදිරිපත්වීමට රට වෙනුවෙන් සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහා කර ඇත.
නමුත් ඒ සඳහා සියලු දෙනාම කැමත්තෙන් අවස්ථාව දිය යුතු බවද ඔහු පවසා තිබේ.

කරු ජයසූරිය මහතාට හිතවාදී මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ ආසන්න දිනකදී සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.

ඔවුනගේ අදහස වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ඒකමතිකව ඔහුට සහාය දිය යුතු බවයි.

කිසිදු කණ්ඩායමක් කණ්ඩායම් කල්ලි පැවතිය නොහැකි බවද ජනාධිපති මැතිවරණ වේදිකාවට රනිල් වික්‍රමසිංහ මහතා සමග සජිත් පේ‍්‍රමදාස මහතාද ගොඩ විය යුතු බවද ඔහු කොන්දේසියක් ඉදිරිපත් කිරීමට සාකච්චා කර ඇත.

මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම සිදුවිය යුත්තේ තමන්ගේ මූලිකත්වයෙන් බවද කරු ජයසූරිය මහතා සදහන් කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයා බවට පත් වූ ඔහු වසර දෙකක් ඇතුළත ස්ථිර වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් සූදානම් බවද කරු ජයසූරිය මහතා පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad