සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලදහොත් විකල්ප පියවරකට යා යුතු බව එම පක්ෂයේ සජිත් හිතවාදී මැති ඇමති පිරිසක් සාකච්ඡා කරමින් සිටිති.
දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් බහුතරයක්ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ද බහුතරයද සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාතී බව ඔවුනගේ ගණන බැලීමයි.

මෙම තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට යම් හෙයකින් අපේක්ෂකත්වය නොදුනහොත් වෙනත් කණ්ඩායම් හෝ පක්‍ෂ එක් කර ගනිමින් වෙනම කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණවට ඉදිරිපත් විය යුතු බවටද සාකච්චා වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින වලදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ නිශ්චිත තීරණාත්මක සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට හෝ ඉවත් කල හැකි කිසිදු කටයුත්තක නොයෙදිය යුතු බවද මෙම පිරිසේ අදහසයි.

නමුත් මේ වන විටත් පක්‍ෂයේ සියළු බල ව්‍යුහයන්ගේ බහුතර බලය සතු නිසා ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇති බවට ඔවුන් දැඩිව විශ්වාසයෙන් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad