ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්,ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්,විජිතපුර බලකොටුවේ රටම ගොඩගන්න තරම් වස්තුව... - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්,ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්,විජිතපුර බලකොටුවේ රටම ගොඩගන්න තරම් වස්තුව...

Loading...
දෑහට නොගැටිය යුතු මහා අපරාධයකි. ජාතියට පණ පෙවූ විජිතපුර බලකොටුවත් අන්තවාදී භූමි කොල්ලකරුවන් විසින් පහුරු ගා සමතලා කර තිබේ. රජ මාළිගාවලට සෙවණ දුන් පෙති උළුකැට, පවුරු බැඳි ගඩොල් කුට්ටි, ගල් කණුවල කැබලි තැලී, පොඩි වී සී, සී කඩ විසිරී තිබිණි. ඒ මත පොල්, අඹ, පේර පැළ සාර සොබාවට වැඩෙමින් තිබේ. වගා බිම සිත් පිනවන්නකි. එහෙත් ඒ වගාවට යට වූ භූමියේ ප්‍රෞඪත්වය සිහිපත් වන විට හදවත පිච්චිණි.

 අවුරුදු දෙදහසකට පමණ පෙර පඬුවස්දේව රජුගේ බිසව භද්දකච්චායනාගේ සොහොයුරකු වන විජිත විසින්, විජිතග‍්‍රාමය ගොඩන`ගා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ක‍්‍රි. පූ. 205 දී රජ කළ අසේල රජු පරදා අනුරාධපුර රාජධානිය යටත් කරගෙන වසර හතළිස් හතරක් පාලනය කළ ආක‍්‍රමණික එළාරගේ ප‍්‍රධානතම බලකොටුව වූයේ ද විජිතපුරයයි. ආරක්‍ෂක උපක‍්‍රම හා මර උගුල්වලින් පිරුණු විජිතපුර බලකොටුව දිය, මඩ අගල්වලට අමතරව ප‍්‍රාකාර බිත්ති තුනකින් ද වට වී තිබිණි. එක් ප‍්‍රාකාර බිත්තියක් රියන් දහ අටකින් උස් වී තිබිණි. බලකොටුවේ සතර දෙසින් පිහිටි සිව් මහා දොරටු ශක්තිමත් යකඩයෙන් නිමවා තිබිණි. ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුද භටයන් දහස් ගණනක් එම බලකොටුවේ ආරක්‍ෂාවට යොදවා තිබිණි. ඉතිහාසයේ සඳහන් පරිදි එළාර බලකොටුවලින් විජිතරපුරය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි. එමෙන්ම එළාර පාලනය අවසාන කිරීමට රුහුණු රටේ රජකම් කළ කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත් දුටුගැමුණු කුමාරයා දියත් කළ යුද්ධයේ දී දරුණුතම සටන පැවතියේ ද විජිතපුරයේදීය. 

දස මහා යෝධයන්, ලක්‍ෂ ගණනක සෙබළ බළ මුළු, මහා සංඝරත්නය පෙරටු කරගෙන රුහුණු මාගම් පුරයෙන් සටනට පිවිසි දුටුගැමුණු රජතුමාට එළාරගේ සුළු හා ප‍්‍රබල බලකොටු විනාශ කිරීමට වැඩි කාලයක් ගත නොවිණි. විශාල වශයෙන් ජීවිත පූජා සිදු නොවිණි. එළාරගේ ප‍්‍රබල නායකයන් විනාශ කර ගම්, නගර තම අණසකට නතු කරගනිමින් මහවැලි නදිය පසු කරගෙන අනුරාධපුරය කරා යනෙන මගෙහිදී දැවැන්තම ප‍්‍රහාරය එල්ල වූයේ විජිතපුර බලකොටුවට ආසන්න බිමේදීය. යුද ප‍්‍රහාර දරාගත නොහැකිව බලකොටු බිඳවැටුණු පසු පලා ආ එළාරගේ සෙනෙවියන් සහ සියලූ සෙබළ බළමුළු තරකොට ඉදිරියට ඇදෙන දුටුගැමුණු සේනාවට ප‍්‍රහාරදීමට මහලූ එළාර සියලූ වෙර වීරිය යෙදුවේ විජිතපුර බලකොටුවේ සිටය. 

  jaathi2එහෙත් දිවි දෙවැනි කොටගත් දුටුගැමුණු සේනාව මහා සංඝයාගේ පිරිත් සජ්ඣායනා මැද එළාර හමුදාවට දැවැන්ත ලෙස ප‍්‍රහාර එල්ල කළහ. දෙපිරිසේම සටන්කරුවන් විශාල පිරිසක් මියගියහ. එහෙත් පසු නොබැසි දුටුගැමුණු සේනාව එකවරම විජිතපුර බලකොටුවේ සිව් මහා දොරටු ආක‍්‍රමණය කළහ. එම දොරටු අතහැර බලකොටුව තුළට පලා ගිය එළාරගේ සේනාව ආරක්‍ෂිත පවුර බිඳීමට වෙර වීරිය දරන දුටුගැමුණු සේනාව දෙසට පවුර උඩ සිට උණු යකඩ දිය සහ ගිනියම් තෙල් විසි කළහ. එළාරගේ දුනු හේවායෝ, පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක‍්‍රමණය වැළැක්වීමට දැඩි ප‍්‍රයත්නයක් දරූහ. පවුරු බිඳීමට පහර දුන් කණ්ඩුල ඇතාගේ සිරුර මතට උණු යකඩ දිය හැලී දැඩි ලෙස තුවාල වූහ. එහෙත් කඩිනමින් ප‍්‍රතිකාර ලබාදීමත් සමඟ සුවපත් වූ කණ්ඩුල ඇතා දැවැන්ත ප‍්‍රහාරයක් එල්ලකොට යෝධ පවුර බිඳ දැමුවේය. බිඳුණු පවුරෙන් නගරයට ඇතුළු වූ දස මහා යෝධයෝ එළාරගේ හමුදාවට දරුණු ලෙස පහර දී විජිතපුර බළකොටුවේ බලය අත්පත් කරගත්හ. එළාරගේ විසි මහා යෝධයන්ගෙන් ඉතිරි වූ පිරිසත් සමඟ මර බියෙන් දැවුණු මහලූ එළාර විජිතපුරයේ සිට උමං මාර්ගයක් ඔස්සේ අනුරාධපුරයට පලා ගියහ.

 මාස හතරක් පුරාවට පැවති ද්වන්ධ සටනෙන් ජය අත්පත් කරගත් දුටුගැමුණු රජතුමා විජිතපුරය සිංහල හුරුවට අලූතින්ම නිර්මාණය කළහ. මහරහතුන් වහන්සේට, සංඝයා වහන්සේට වැඩ හිඳීමට මහා වෙහෙර විහාර ඉඳිකෙරිණි. වගා සංග‍්‍රාමයට ජලය රැස් කිරීමට වැව් අමුණු ඉදිකෙරිණි. අවසානයේ විජිතපුරය බත බුලතින් සරුසාර ස්වයංපෝෂිත ප‍්‍රදේශයක් විය. දුටුගැමුණු යුගයෙන් පසු පාලනය කළ සිංහල රජවරු යටතේ ද විජිතපුරයේ විශාල වෙහෙර විහාර ඉදිකර ඇති බව ඉතිහාසයේ කියැවේ. එමෙන්ම පසුකාලීනව ධාතුසේන රජතුමා විසින් කලාවැව නිර්මාණය කිරීමේදී විජිතපුර බලකොටුවේ විශාල භූමි භාගයක් යට වී ගිය බව ද සැබෑය. ඊට පසුකාලීනව ද විවිධ පරිවර්තනයන්ට ගොදුරු වූ විජිතපුර බලකොටුවේ ගොඩනැඟිලි සහ භූමිය විනාශ වී ගියේය. 

 මීට වසර කිහිපයකට පෙර අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයකුගේ ඕනෑකමට විජිතපුර බලකොටුව පිහිටි භූමිය ඩෝසර් කර කලාවැව ඉහත්තෑවේ රක්‍ෂිතය තුළ සංචාරක හෝටලයකට තට්ටු හතරක ගොඩනැඟිල්ලක් ඉදිකෙරිණි. එම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැනනැ`ගුණු ගැටලූකාරී තත්ත්වය මත අවසානයේ ව්‍යාපෘතිය නතර කර එම භූමියේ ධීවර ගම්මානයක් ඉදිකරන ලදී. එම ව්‍යාපෘතියට යට වී විජිතපුර විශාල නටබුන් තලාවක් විනාශ වී ගිය බවද නොකිවමනාය. වර්තමාන රජයේ ඇමැතිවරයකු විසින් ද මීට මාස කිහිපයකට පෙර විජිතපුර බලකොටුවේ පුරාවස්තු විසිරුණු ඉතිරි භූමි භාගයෙන් කොටසක් ද ඩෝසර් කරමින් නව ගම්මානයක් ඉදිකර ඇති බව මුළු රටම දන්නා කතාවකි. 

 ඉපැරැණි රාජධානි ඩෝසර් කර ගම්මාන ඉදිකිරීමට මෙරට දේශපාලනඥයන් අතීතයේ සිටම මහත් උනන්දුවක් දක්වන බව සැබෑය. ඒ රජවරු නිධන් කොට ඇති වස්තු සම්භාරයට ඇති පෙරේතකම නිසාය. අද අන්තවාදීන් විසින් ඩෝසර් කර පොල්, අඹ, පේර වගා කර ඇත්තේ ද ශේෂ වී ඇති විජිතපුර බලකොටුවේ අන්තිම බිම් අඟලයේය. එනම් බැලූම්ගල පිහිටි ගල් රැනේ කොමාරියා ගල්යාය පාමුල කලාවැව රක්‍ෂිතය තුළය. ජය ගඟ ආරම්භක ස්ථානයේය. අලිමංකඩක් වශයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකි. අක්කර දෙකකට වැඩි වපසරියකින් යුත් එම භූමිය එළිපෙහෙළි කරමින් වගා කටයුතු සිදු කිරීමට භාවිත කර ඇත්තේ අසල්වැසි සිංහල වැසියෙකි. අවසානයේ ඔහු එම ඉඩම ප‍්‍රදේශයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ ඥාතියකුට මුදලට විකුණා ඇත. ඔහු ගුරුවරයෙකි. පසුව එම ගුරුවරයා විසින් මුදලට ගත් භූමියේ ප‍්‍රතාපවත් රුක්ෂයන් කපා ඉවත් කොට පොළොව ඩොසර් කර, කටුකම්බි වැටකින් හතර වටේ ආවරණය කොට අඹ, පොල්, පේර වගා කිරීමට කටයුතු කර තිබිණි. වගා බිමේ ආරක්‍ෂාවට දෙමළ පුද්ගලයෙක් ද නතර කර තිබිණි. ඔහු ෂන්මුගදාසන්ය. දැන හෝ නොදැන සිදුකර ඇති පුරාවස්තු විනාශයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉපලෝගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ එම වත්තේ වැඩට සිටි ෂන්මුගදාසන් සහ අයිතිකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයට පොල්, අඹ, පේර වගා කිරීමට පොළව ඩෝසර කිරීමට ඇවැසි නැත. එහෙත් මේ බිම සම්පූර්ණයෙන්ම ඩොසර් කර ඇත. එම පහුරු ගෑම තුළ වගා කටයුත්තකට ඔබ්බට ගිය යටිකූට්ටු අරමුණක් ඇති බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. කෙසේ හෝ එම රක්‍ෂිත කොල්ලයට සහ පුරාවස්තු විනාශයට එරෙහිව පුරාවිද්‍යා නිලධාරීන් මැදිහත්වී වැරැදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යෑමට ක‍්‍රියාකිරීම ගැන පැසසිය යුතුය. එමෙන්ම එම ඉසව්වේම පවත්වාගෙන යන ගල්කොරියට එරෙහිව ද පුරාවිද්‍යා නිලධාරීන් ඉදිරිපත් වී ගල් පලන මෝල්ලූන්ව නීතිය ඉදිරියට කුදලාගෙන යන්නේ නම් එය ද බොහෝ අගනේය. 

 එහෙත් අවුරුදු තුන, හතරක කාලයක් තිස්සේ සිට පවත්වාගෙන යන ගල් කොරියට එරෙහිව කිසිදු නීතියක් ක‍්‍රියාත්මක වී නැත. එමෙන්ම පසුගිය පාස්කු දින සිදු වූ අන්තවාදී ම්ලේච්ඡු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු, රට පුරා සිදු කරන ලද සෝදිසි කිරීම් අතරතුරදී එම ගල්කොරිය තුළ තිබී ඩෙටනේටර් විශාල තොගයක් සහ වෙඩි බෙහෙත් තොගයක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ගල් පැලීමට එතරම් විශාල වෙඩි බෙහෙත් තොගයක් ඇවැසි නොවන බවද සැබෑය. එහෙත් පොලිස් අත්අඩංගුවට පත් එම වෙඩි බෙහෙත් තොගය සහ ඩෙටනේටර් තොගය සම්බන්ධයෙන් නීතිය කෙසේ ක‍්‍රියාත්මක වූයේද යන්න අපි නොදනිමු. එම ගල් කොරිය පවත්වාගෙන යනු ලබන්නේ ද පෙර සඳහන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ ඥාතියෙක් බව ද ප‍්‍රදේශවාසීහු අපට කීහ. එම ඉඩම ද සිංහල ජාතිකයෙක් විසින් හේනක් කරගෙන ගොස් පසුව දේශපාලන ඥාතියාට මුදලට විකුණා ඇත. මුදලට අලෙවි කෙරුණ ද එම ඉඩම් කැබැලිවලට කිසිදු නීතිමය ලියැවිල්ලක් නැති බව ද ප‍්‍රදේශවාසීහු පැවසූහ. එම සියලූ ඉඩම් කලාවැව රක්‍ෂිතය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්ය.

 ගල්කොරිය පිහිටා ඇත්තේ ද විජිතපුර ප‍්‍රධාන බැලූම්ගල පාමුලය. එම බැලූම්ගල සහිත ගල් රෑන ගලේවෙල බම්බාවේ කන්දේ සිට පුල්මුඬේ දක්වා විහිදී යන විශාල ගල් කඳු යායකි. විජිතපුර එළාර බලකොටුවේ නැගෙනහිර පවුර වශයෙන්ද එම ගල් රෑන භාවිතා කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම ගල් රෑනේ තිබී කටාරම් කෙටූ ලෙන් සමූහයක් ද සොයාගෙන ඇත. ආක‍්‍රමණික එළාර ඇතුළු සොළීන් අනුරාධපුරයට පලා ගිය උමං මාර්ගය පිහිටා ඇත්තේ ද ගල් රෑනේ නැගෙනහිර දිසාවේ පිහිටි ගල්ළිඳයාය ප‍්‍රදේශයේය. එම උමං මාර්ගය අනුරාධපුර නගරය දක්වා විහිදී ඇති බවද ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි. මේ වන විට පුරාවිද්‍යා නිලධාරීන් විසින් ගල්ළිඳයාය ප‍්‍රදේශයෙන් එම උමං මාර්ගයේ දොරටුව සොයාගෙන ඇත. එහෙත් තවම කැණීම් කටයුතු ආරම්භ වී නැත. 

 එළාර රජුගේ වස්තු සම්භාරය රැගෙන ගිය ගැල් සිය ගණනක් එම උමඟ තුළ සිර වී තිබෙන බව ද ප‍්‍රදේශවාසීහු අපට කීහ. නිධන් හොරු විසින් විටින්, විට පොළොව හාරමින් මතු කර ගන්නේ ද එම වස්තු සම්භාරයේ කොටස් බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. එමෙන්ම මේ ප‍්‍රදේශය පුරා තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක් ගල්, ගල්දොරටු, ශ‍්‍රී පතුල් ගල් බහිරව රූප, සඳකඩපහණ, විශාල ගල්කණු කැසිකිළි ගල්, විශාල ගොඩනැඟිලිවල පාදම් කොටස් බහුල වශයෙන් හමු වී ඇත. බැලූම්ගල අවට ප‍්‍රදේශයක විහාරස්ථානයක නටබුන් විශාල ප‍්‍රමාණයක් වනගතව තිබේ. එම බැලූම්ගල යට ගබඩාවක් ඇති බවත්, එම ගබඩාව විශාල ගලකින් වසා තිබීම නිසා එය විවෘත කළ නොහැකි බවද ප‍්‍රදේශවාසීහු අපට කීහ. එම ගබඩාවේ තැන්පත් වස්තු සම්භාරය සහ එළාර පලා ගිය උමෙඟ් ගැල් තුළ සිරවී ඇති වස්තු සම්භාරය ගොඩගැනීමට හැකි නම් එය රටට විශාල ධන නිධානයක් වනවාට සැක නැති බව ද ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි. මුස්ලිම් දේශපාලන ඥාතීන් ඩෝසර් කර වගා කටයුතු කරගෙන යන්නේද, ගල්කොරි පවත්වාගෙන යන්නේද මේ සා විශාල වස්තු සම්භාරයක් මිහිදන් වූ ඓතිහාසික භූමියකය.

 එවැනි ඓතිහාසික භූමියක් ඩෝසර් කර වගා කටයුතු ආරම්භ කර ඇති ගුරුවරයාට සහ වත්තේ මුරකරුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වී ඇති බව සැබෑය. එහෙත් ඓතිහාසික භූමියක ගල්කොරියක් පවත්වාගෙන යන ගල් මෝල්ලූන්ට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක වී නැත. වගා බිමේ පොළොව ඩෝසර් කිරීමෙන් සිදු වූ විනාශයට සමාන විනාශයක් ගල් කොරියෙන් සිදුවන බව ද මන්දබුද්ධික නොවන මිනිසුන්ට තේරුම් ගැනීමට අසීරු නැත. එහෙත් සිදුවෙමින් ඇත්තේ අලි මංකඩවල් ඉතිරි කර කක්කුටු බෙන වැසීමය. මෙරට සිංහල දේශපාලනඥයන් සහ නිලධාරීන් කාලයක සිට සිදු කරගෙන ගියේ ද කක්කුටු බෙන වසා සිංහලයන්ම ඇන්දවීමය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් අන්‍ය ආගමික අහිගුණ්ඨිකයන්ගේ පදයට නටන දීන රිලවුන්ගේ තත්ත්වයට ඇද දැමීම ය. තවදුරටත් අන්තවාදී අහිගුණ්ඨිකයන්ගේ වෙළෙඳ භාණ්ඩයක් වන්නේද? සිංහලයෙක් ලෙස සෘජුව හිඳගන්නේද? යන්න ඔබ තීරණය කළ යුතුය. විජිතපුර බලකොටුව සූරාගෙන ඉදිරියට ඇදෙන අන්තවාදී භූමි කොල්ලකරුවන් අනුරාධපුර මහමෙව්නාවට ඇතුළුවීමට පෙර ඒ තීරණය ගත යුතුය. ප‍්‍රමාදය පසුතැවිල්ලට පමණක් නොව ජාතිය සමූල ඝාතනයට ද පත් විය හැකි බරපතළ තත්ත්වයකි. 

 එමෙන්ම සිහළ උරුමය සැ`ගවුණු රක්‍ෂිත භූමි සුද්ධ පවිත‍්‍ර කොට අන්‍ය ආගමිකයන්ට විකුණා සිදු කර ගන්නේ තමන්ගේ වළ තමන් විසින්ම හාරා ගැනීමක් බව බත් කන කකුල් දෙකේ හරක් ද තේරුම්ගත යුතුය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad