අත් ගැටගැසූ මල කාන්තා මල සිරුරක් ලිදකින් මතුවේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

අත් ගැටගැසූ මල කාන්තා මල සිරුරක් ලිදකින් මතුවේ..

යාපනය, පේදුරුතුඩුව, තම්බසිට්ටි ප්‍රදේශයේ පිහිටි පොදු ළිඳක් තුළ දෙඅත් ගැට ගැසු කාන්තාවගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ට හමු වී ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
අදාල කාන්තාවගේ සැමියා විසින් සිය බිරඳ අතුරුදහන් බවට පේදුරුතුඩුව පොලීසියට දින දෙදකකට පෙර කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් අදාල කාන්තාව සොයා ඇති අතර එහිදී එම කාන්තාවගේ නිවසට මීටර් 500 ක් පමණ නුදුරින් පිහිටි පොදු ළිඳකින් මළ සිරුර හමු වී ඇත.

අනතුරුව ඒ බව පේදරුතුඩුව පොලීසිය කල දැනුම් දීමකදී පොලීසිය විසින් අදාල මළ සිරුර ළිඳෙන් ගොඩට ගෙන ඇති අතර මළ සිරුර ගොඩට ගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ දෙඅත් පසට කොට ලනුවකින් ගැට ගසා තිබීම හේතුවෙන් කාන්තාව ඝාතනය කොට ළිඳට දමා ඇති බවට පේදුරුතුඩුව පොලීසිය සැක පල කර සිටියි.

මෙසේ මිය ගොස් ඇත්තේ අදාළ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35 ක් වන ජෙගනාදගුරු කිරුබාලිනි නමැත්තියක් වන අතර මරණය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

මේ වන විට මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මරණයට හේතුව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad