ආයුර්වේදයට මුවා වී ගෙනගිය කොච්චිකඬේ ගණිකා නිවාස දෙක වටලයි කතුන් හත්දෙනෙක් සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 26, 2019

ආයුර්වේදයට මුවා වී ගෙනගිය කොච්චිකඬේ ගණිකා නිවාස දෙක වටලයි කතුන් හත්දෙනෙක් සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Loading...

මීගමුව, කොච්චිකඬේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් පෙරේදා (25 දා) වැටලූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ¥ෂණ මර්දන ඒකකය, කළමනාකාරියක, කළමනාකරුවකු සහ ගණිකා වෘත්තියේ නියැළුන බව කියන කතුන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකා නිවාස දෙක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යමින් තිබූ බව එම ඒකකය පැවසීය.
මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා නිවාස දෙක වටලනු ලැබූ බවද එම ඒකකය කීය.
මෙම එක් ගණිකා නිවාසයක් වටලනු ලැබුවේ කොච්චිකඬේ, කට්ටුව, හලාවත පාරේදීය. අනෙක් ගණිකා නිවාසය කොච්චිකඬේ, දළුවකොටුව ප‍්‍රදේශයේදී වැටලූ බවද එම ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් කළමනාකරු හා කළමනාකාරිනිය හා ගණිකා වෘත්තියේ නියැළුන කතුන් සෙවණගල, පලාවිය, දමරන්වෙල, පාදුක්ක, බමුණුකොටුව, තබ්බෝව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 45 ත් අතර වයසේ පසුවන්නන් බව එම ඒකකය කියයි.
එම ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කළහ.
-දිවයින පුවත්පත.



No comments:

Post a Comment

Post Bottom Ad