කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි

කිලිනොච්චියේ විශාලතම ජලාශය වූ ඉරණමඩු ජලාශය වාන දැමීමත් සමග පහත්බිම් රැසක් වාන් ජලයෙන් යටවීම හේතුවෙන් විපතට පත් ජනතාව යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඉරණමඩු ජලාශය ප්‍රතිශංසක්රණය කිරීමෙන් පසුව මේ වන විට වැවේ ජල මට්ටම අඩි 34 අඟල් එකක් දක්වා වැඩි වී තිබෙන අතරම ඊයේ දින දොරටු 4ක් විවෘත කලද අද (07) උදෑසන වන විට වාන් දොරටු 10ක්ම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් වාන් ජලයෙන් යටවී ඇති අතරම නිවෙස් යටවී විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී 24 පැයේම සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විපතට පත් වැසියන් බේරාගැනීම් සඳහා යොමු කොට ඇති අතර එම වැසියන් කිලිනොච්චියේ පිහිටි පාසල් හා පොදු ස්ථාන වෙතට රැගෙන විත් පිසූ ආහාර ලබා දීමටද යුද හමුදාව විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad